Tuesday, May 21, 2024

General line - 0115112241

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතා සතියක් ප‍්‍රකාශයට පත් කරයි

කසුන් කැළුම්/සජිත් තිලකරත්න




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන සතිය විරෝධතා සතියක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ පවතින ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතා සතිය ප‍්‍රකාශයට පත් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පැවසුවේ.

මෙම විරෝධතා සතිය ඇතුළත සිය ගැටළුවලට විසදුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළඹෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.