Tuesday, May 21, 2024

General line - 0115112241

නිමාලි - නදීෂා - සුමේධ පදක්කම් 03ක් දිනා දෙයි

කසුන් කැළුම්




චීනයේ පැවැත්වෙන ආසියානු ග්‍රොන් ෆී මළල කී‍්‍රඩා තරගාවලියේ දෙවන අදියරේදී තවත් පදක්කම් 3 ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වට එක් වූ නිමාලි ලියනාරච්චි එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තා.

මීටර් 400 කාන්තා ධාවන ඉසව්වට එක් වූ නදීෂා රාමනායක ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කම දිනා දීමට සමත් වුණා.

පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වට එක්වූ සුමේධ රණසිංහ ශී‍්‍ර ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දුන්නා.