Tuesday, May 21, 2024

General line - 0115112241

තීරණයක් ගත් මුස්ලිම් මන්ත්‍රිවරුන් විපක්ෂ නායකවරයා මුණගැසෙයි




මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවේ තනතුරුවලින් එකවරම ඉවත්වීම තමා කිසිසේත් අනුමත නොකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ ආණ්ඩුවේ ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් අද (08) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේදි.

රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරුන් 10 දෙනෙක් සහ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් බන්දුල ගුණවර්ධන සහ කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රිවරුන් සහ මහාචාර්ය ජී.එල්. පිරිස් මෙම සාකච්ජාවට එක්ව තිබෙනවා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා කියා ඇත්තේ ජනවාර්ගික වශයෙන් නොබෙදී අන්තවාදය තුරන් කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළයුතු බවයි.

මෙම සාකච්ඡාවට සහභාගී වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ තමන් තනතුරු වලින් ඉවත් විමේ තිරණය ගැනිමට හේතුවු කරුණු වුයේ මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුනු ප්‍රතිචාරයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිමට ගනිමින් බව ප්‍රකාශ කර සිටියා.

මුස්ලිම් දේශපාලකයින් සහ ජනතාව කිසිදු අවස්ථාවකදි ත්‍රස්තවාදයට සහයෝගය නොදුන් බවත් ඒ නිසා 30 වසරක පැවති යුද්ධයේදි මුස්ලිම් වැසියන් විශාල පිරිසක් සමුල ඝාතනයට ලක්වු බව මුස්ලිම් මන්ත්‍රිවරුන් ප්‍රකාශ කර තිබෙනවා.