Wednesday, May 22, 2024

General line - 0115112241

ලොව වේලාවටම වැඩ කරනා ගුවන් සේවය ලෙස 'ශ්‍රී ලංකන්' ජාත්‍යන්තර සම්මාන දිනයි

ටී. කේ. ජී කපිල




ලොව වඩාත්ම නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් වැඩි වශයෙන් සිදු කළ ගුවන් සේවය ලෙස ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය ඇගයීමට ලක්ව තිබෙනවා. 

ඒ, ජාත්‍යන්තර සමීක්ෂණකින්. ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය මෙලෙස ඇගයීමට ලක්වූ දෙවන අවස්ථාව මෙය වනවා.

 2019 වසරේ මැයි මාසයේදී සියයට 91 යි දශම 3 යි 7 ක ප‍්‍රතිශතයක් ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් සිදුකර තිබෙනවා. 

ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ කේන්‍ද්‍රස්ථානය වන කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ආරක්‍ෂාව ඉහළ නංවා ඇති අවස්ථාවක මෙවැනි ඇගයීමක් හිමිවීම විශේෂත්වයක්.