Wednesday, May 22, 2024

General line - 0115112241

රාජ්‍ය බුද්ධි තොරතුරු සේවයේ ප්‍රධානියා ඉවතට 

දිනුක් හේවාවිතාරණ




රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා අද (08) සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බවට වාර්තා වනවා.

කෙසේ වුවත් ඊයේ (07) පොලිස් ප්‍රධානින් සමග පැවති සාකච්ජාවක් අතරවාරයේදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ව සේවාවෙන් ඉවත් කර ඇති බවයි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ "මේ දක්වා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේ සේවයෙන් ඉවත් කර තිබෙන නිලධාරීන් බවත් සිසිර මෙන්ඩිස්ද සේවයෙන් ඉවත් කර ඇති බව ප්‍රකාශ කර සිටියේ. එමෙන්ම සේවයේ නියුතු කිසිදු නිලධාරියෙකු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට එවන්නේ නැති බවට තමන් කතානායකවරයා වෙත දැනුම් දී ඇති බවත්, ඒ සදහා වන වගකීම තමන් ගන්නා බවයි".