Wednesday, May 22, 2024

General line - 0115112241

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ගමන්ගත් රථය ගිනි ගනියි (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම ගමන්ගත් රථය අද (08) දහවල් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ගිනිගෙන ඇති බව කනගරායන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ගමන්ගත් වාහනයේ කාර්මික දෝෂයක් හටගෙන අදාළ දෝෂය පරීක්ෂා කරමින් සිටින අවස්ථාවේ වාහනය ගිනිගෙන ඇති බවයි.

ගින්න හේතුවෙන් වාහනය සම්පූර්ණයෙන් විනාශ වි ඇති අතර එහි ගමන්ගත් අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු පිරිසට කිසිදු අනතුරක් නොමැති බවද පොලිසිය සදහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.