Wednesday, May 22, 2024

General line - 0115112241

සාම්ප‍්‍රදායික වඩු මඩු තහනම් කිරීමක් සිදු වන්නේ නෑ




ඉදිරියේදී සාම්ප‍්‍රදායික වඩු මඩු තහනම් කිරීමක් සිදු නොවන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසනවා. 

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දැව මඩු ලියාපදිංචිය සම්බන්ධයෙන් වන සංශෝධන මගින් ජංගම ලී මෝල් පවත්වාගෙන යාම පමණක් අත්හිටුවන බවයි. 

2022 වර්ෂයේ දෙසැම්බර් 31වනදා සිට එම තහනම කි‍්‍රයාත්මක වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.