Tuesday, May 21, 2024

General line - 0115112241

වන සම්පත රැක ගැනීම වෙනුවෙන් කිසිවෙකුත් ලබා නොගත් තීරණ තමන් ගත් බව මෛත්‍රී කියයි

ලහිරු කපුගේ




රටේ වන සම්පත රැක ගැනීම වෙනුවෙන් කිසිඳු දේශපාලනඥයෙකු නොගත් තීන්දු තීරණ රැසක් තමා ඉකුත් සිව් වසර තුළ ගත් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. 

පරිසරය වෙනුවෙන් වූ එම සියලූ තීන්දු තීරණ ගත්තේ ඡන්ද ලබා ගෙන නොව මිනිසාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. 

අද පෙරවරුවේ මුලතිව් ප‍්‍රාදේශීය සභා කී‍්‍රඩාංගනයේ පැවැති ‘‘රට වෙනුවෙන් එකට සිටිමු’’ මුලතිව් දිස්ති‍්‍රක් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.