Tuesday, May 21, 2024

General line - 0115112241

දරුවන් තිදෙනෙකුට දිවි අහිමි කළ රියදුරා රිමාන්ඩ්

කුෂාන් ජයවර්ධන




දරුවන් තිදෙනෙකුට දිවි අහිමි කරමින් කැකිරාව කොරසගල්ල මංසන්ධිය ප‍්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරට සම්බන්ධ කැබ් රථය පැදවූ රියදුරා මේ මස 19වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ, කැකිරාව මහේස්ත‍්‍රාත් නිලන්ත විමලරත්නගේ නියෝගයකට අනුවයි. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ උපකාරක පන්ති යාම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් මාර්ගය අයිනේ රැඳී සිටි සිසුන් තිදෙනෙක්. 

ඔවුන් අවුරුදු 14, 15 සහ 16යන වයස්වල පසුවුණා. අනතුරෙන් තුවාල ලැබූ තවත් සිසුවෙකු දඹුල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.