Tuesday, May 21, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ විශාලතම පාඩුව ජාති, ආගම් බෙදීමයි - ජනපති මෛත්‍රී

ලහිරු කපුගේ




පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් සිදුවූ විශාලතම පාඩුව ජාති හා ආගම් වශයෙන් රට තුළ මතුව ඇති බෙදීම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. 

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් බොහෝ දේශපාලනඥයින් ජාතිවාදයට සහ ආගම්වාදයට ඉඩ සලසන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

 අද පෙරවරුවේ මුලතිව් ප‍්‍රාදේශීය සභා කී‍්‍රඩාංගනයේ පැවැති ‘‘රට වෙනුවෙන් එකට සිටිමු’’ මුලතිව් දිස්ති‍්‍රක් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.