Tuesday, May 21, 2024

General line - 0115112241

ඉන්දීය අගමැති අද මෙරටට පැමිණෙයි




ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (09) ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

ඒ, දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි සමග පළමු රාජ්‍ය තාන්ති‍්‍රක හමුවට එක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එහිදී කළ නිල ආරාධනයක් අනුවයි.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය ජනාධිපති කාර්යාලයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. 

නායකයින් දෙපළගේ නිල හමුවෙන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත විශේෂ දිවා භෝජන සංග‍්‍රහයක් ද පිරිගැන්වීමට නියමිතයි. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙම සංචාරය පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු විදේශීය රාජ්‍ය නායකයෙකු ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව වීමද විශේෂත්වයක්. 

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමගද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.