Tuesday, May 21, 2024

General line - 0115112241

තේරීම් කාරක සභාවේ කටයුතු නතර නොකරන බවට ප‍්‍රකාශයක්

සමන්ත කුමාර/ලහිරු කපුගේ




අපේ‍්‍රල් 21වැනිදා එල්ල වූ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇත්ත දැන ගැනීමට ජනතාව සතු අයිතිය විනාශ කිරීමට ඉඩ නොතබන බව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා.

පාර්ලිමේන්තුව වාර අවසාන කළද, මෙම විශේෂ කාරක සභාව අහෝසි නොවන බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ. 

තේරීම් කාරක සභාවේ කටයුතු කිසිඳු ලෙසකින් නැවැත්වීමේ සූදානමක් නොමැති බවද, නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ වැඩිදුරටත් සඳහන් කළා. 

එහිදී "මම දන්නේ නෑ ජනාධිපතිවරයා ඇයි මෙහෙම කියන්නේ කියන එක. අනෙක් කරුණ ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා ලෝකෙ මෙහෙම වෙලා නෑ කියලා. ලෝකයේ විවිධ රටවල මෙහෙම වෙලා තියෙනවා.. ඒවත් මාධ්‍ය ඉදිරියේ කරන්නේ. අමෙරිකාවේ, එංගලන්තයේ, ජපානයේ වගේ රටවලත් මේක කරනවා. යම් කාරණයක් සඳහා තේරීම් කාරක සභාවක් දැම්මාම..කොන්දේසි විරහිතවා අදාළ ඔක්කොම පුද්ගලයන්ව ගේනවා. ඇයි මේ කතාව කියන්නේ..මේක අපිට ගැටලුවක්. අපේ දැක්මේ හැටියට තේරීම් කාරක සභාව දිගටම පැවතිය යුතුයි කියන දැක්මේ අපි ඉන්නවා. අනිවාර්යයෙන්ම තේරීම් කාරක සභාවේ වාර්තාව එනකම් අපි මේක දිගටම ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තේරීම් කාරක සභාව කිසිවේලාවක නවත්වන්නේ නෑ. " යනුවෙන් ද පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කරන්නේ මේ සඳහා බුද්ධි අංශ නිලධාරීන් කැඳවීම ජාතික ආරක්ෂාවට ඉදිරියේදී ගැටලුවක් විය හැකියි යන්නයි.