Tuesday, May 21, 2024

General line - 0115112241

රුසියාවද? අමෙරිකාවද? - අමෙරිකාව තුර්කියෙන් විමසයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය රට හෝ රුසියාව යන රටවල් දෙකෙන් එකක් තෝරා ගැනීම සඳහා අමෙරිකාව, තුර්කියට අවස්ථාවක් ලබා දී තිබෙනවා.

මෙම තත්ත්වය උද්ගතවූයේ අමෙරිකාවෙන් මෙන්ම රුසියාවෙන් ද යුදමය භාණ්ඩ මිලදී ගැනීමට තුර්කිය තීරණය කිරීමත් සමගයි.

ඒ අනුව අමෙරිකාවෙන් ප‍්‍රහාරක ජෙට් යානාත්, රුසියාවෙන් ගුවන් යානා නාශක මිසයිල පද්ධතියකුත් මිලදී ගැනීමටයි තුර්කිය සැලසුම් කර ඇත්තේ. 

එහෙත්, අමෙරිකාවෙන් ප‍්‍රහාරක ජෙට් යානා මිලදී ගන්නවාද, නැතහොත් රුසියාවෙන් මිසයිල පද්ධතියක් මිලදී ගන්නවාද යන්න සම්බන්ධයෙන් ජූලි මස අගභාගයට පෙර තීරණයක් ගන්නා ලෙස ලිපියක් මගින් අමෙරිකාව, තුර්කියට දන්වා තිබෙනවා. සිය රටෙන් ප‍්‍රහාරක ජෙට් යානාත්, රුසියාවෙන් මිසයිල පද්ධතියත් යන ද්විත්වයම මිලදී ගැනීමට නොහැකි බවයි අමෙරිකාව, තුර්කිය වෙත වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

එෆ් 35 වර්ගයේ නවීනතම ප‍්‍රහාරක ජෙට් යානා අමෙරිකාවෙන් මිලදී ගෙන, එස් ෆෝ හන්ඞ්රන්ඞ් වර්ගයේ ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් රුසියාවෙන් මිලදී ගැනීමටයි තුර්කිය සැලසුම් කර තිබුණේ.