Wednesday, May 22, 2024

General line - 0115112241

හිමිනමකගෙන් කෝටි 10ක කප්පමක් ගන්න ගිය ජවාඩ් සංවිධානයේ 03 දෙනා කොටු 




දඹුල්ල රජමහා විහාරාධිපති හිමියන්ට මරණ තර්ජන සිදු කර රුපියල් කෝටි 10ක් කප්පම් මුදල් ලබා දෙන ලෙසට ජවාඩ් සංවිධානය නමින් දුරකතන ඇමතුම් ලබාදීමක් සම්බන්ධව දඹුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දුරකතන අංක විශ්ලේෂණය කර ඊයේ (08) දින සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මෙලස අපරාධ සඳහා යොදා ගත් ජංගම දුරකතන 03ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

2019.05.20 වැනි දින මෙම මරණ තර්ජන සිදු කර තිබුණා.

සැකකරුවන් වන්නේ වෙලේගෙදර අතුල ජයශාන්ත දිසානායක නැමැති වයස අවුරුදු 25ක් වන වැලිකඩ යාය පාර, පොතාන කිඹිස්ස පදිංචිකරුවෙක්, චානක ප්‍රසන්න කරුණාරත්න නැමැති 19 හැවිරිදි රත්මල්කටුව ඉනාමළුවේ පදිංචිකරුවෙකු සහ මිහිඳු ගුණරත්න නැමැති වයස අවුරුදු 34ක් වූ උසාවිය හංදිය දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.