Monday, May 20, 2024

General line - 0115112241

ජාතික තුරුණු පොසොන් කළාපය මෙවරත් 




මෙවර පොසොන් පොහොය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන "ජාතික තුරුණු පොසොන් කලාපය" 13 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම පොසොන් කලාපය වෙනුවෙන් පහන් කූඩු නිර්මාණය කර වටිනා ත්‍යාගයන් හිමිකර ගැනීමට ඔබටද අවස්ථාව තිබෙනවා. 

0718588947 යන දුරකථන අංකය හා සම්බන්ධ වී ඒ සඳහා ලියාපදිංචි විය හැකි අතර ජූනි 18 වෙනිදා වන තුරුම මෙම පොසොන් කලාපය මහජනතාවට විවෘත ව පවතිනවා. පහන් කූඩු ප්‍රදර්ශනයට අමතරව පොසොන් මහා දන්සල්, පොසොන් බැති ගී සහ ලේ දන්දීමේ පිංකම්ද ඊට සමගාමිව පැවත්වීමට අවශ්‍ය කටයුතු සුදානම්කර ඇත. 

පොසොන් පොහොය වෙනුවෙන් මෙවර නෙත් එෆ් එම් රේඩියෝව පවත්වන ශ්වේත පූජා සජීවි විකාශය ගෙන එන්නේද මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ සිටයි.එයට සමගාමීව පැවැත්වෙන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ආරම්භ වන්නේ ජූනි 13 වෙනිදා දිනයේදි යි.