Monday, May 20, 2024

General line - 0115112241

සුපුරුදු කැබිනට් රැස්වීම අද අර්බුදයකට යන ලකුණු

සජිත් තිලකරත්න




සෑම අඟහරුවාදා දිනකම රැස්වන කැබිනට් මණ්ඩලය අද (11) දිනයේ රැස් නොවන බව වාර්තා වනවා.

ඒ, පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු අත්හිටුවන තුරු කැබිනට් රැස්වීමට සහභාගී නොවන බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කිරීමත් සමග බවටයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීමට පෙර අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන පූර්ව කැබිනට් රැස්වීම ඊයේ (10) පවත්වා තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ මෙම පූර්ව කැබිනට් රැස්වීම සඳහා ඊයේ පත්කෙරුණු වැඩබලන අමාත්‍යවරුන් දෙදෙනෙකු ද එක්වුණා.

පස්වරු 05.00ට ආරම්භ වූ මෙම රැස්වීම පැය 02.00ක පමණ කාලයක් පවත්වා තිබෙනවා.

එහිදී ද මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඉදිරියේදී අමාත්‍යවරුන් කණ්ඩායමක් විසින් 
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය කර ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එම හමුව බොහෝ දුරට අද දිනයේ සිදුවනු ඇති බවටද වාර්තා වනවා.