Tuesday, May 14, 2024

General line - 0115112241

වසර 27කට පසු එංගලන්තය ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට පිවිසේ

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වසර 27කට පසු ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයකට පිවිසීමට එංගලන්තය ඊයේ (03) රාත‍්‍රියේ සමත් වුණා. ඒ, නවසීලන්ත කණ්ඩායම ලකුණු 119කින් පරාජය කරමින්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 305ක් රැස් කළා. එහිදී ජොනී බෙයාර්ස්ටෝ වේගවත් ලකුණු 106ක් රැස් කළා. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 45ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 186ක් පමණි.

සාර්ථක වූ එකම පිතිකරුවා වෙමින් ටොම් ලැතම් ලකුණු 57ක් රැස් කළා. නවසීලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ අඛණ්ඩව ලැබූ 03වන පරාජය ද මෙයයි. ඔවුන් මේ දක්වා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිස සිටින කිසිඳු කණ්ඩායමක් පරාජයට පත්කර නොතිබීම ද විශේෂත්වයක්.

මේ සමගම ඔවුන්ගේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවලට ද යම් බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ, පාකිස්තානය එළඹෙන තරගයේ දී බංග්ලාදේශය පරාජය කළහොත් ඔවුන්ගේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව ද නවසීලන්තයේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව හා සම වීම හේතුවෙන්.

ඒ අනුව අවසන් තීරණය ගනු ලබන්නේ කණ්ඩායම් 02හිම දළ ලකුණු වේගය මතයි. මේ අතර ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලෝක කුසලාන තරගය අද පැවැත්වෙනවා.