අමෙරිකාවේ දකුණු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ රිච්ටර් ඒකක 7.2ක ප්‍රභලත්වයෙන් භුකම්පනයක් සිදුව ඇති බව එරට භුවිද්‍යා සමික්ෂණ ආයතනය පවසනවා.
ඉකුත් බ්‍රහස්පතින්දා වාර්තාවු රිච්ටර් ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් පසු සිදුවු ප්රබලතම භුකම්පනය මෙය වන අතර දශක දෙකක් තුල කැලිෆෝනියාවට බලපෑ විශාලතම භුකම්පනය මෙය බවයි විශේෂඥයින් පවසන්නේ.
ඒකක 7.2ක ප්‍රබල භුකම්පනය සිදුව ඇත්තේ දකුණු දිග කැලිෆෝනියාවේ කාන්තාර ප්‍රදේශයක විම හේතුවෙන් ජිවිත හානි කිසිවක් මේ දක්වා වාර්තා නොවු බව එරට ප්‍රාන්ත බලධාරින් පවසනවා.
කෙසේ වුවත් ස්ථාන කිහිපයකම විදුලිය බිද වැටිම් සිදුව ඇති බවට හා ගිනි ගැනිම් සිදුව ඇති බවටද නිවාස සහ දේපළ වලට යම් හානි සිදුවු බවට වන වාර්තා ලැබෙමින් පවතින බවයි බලධාරින් පවසන්නේ.
ඉකුත් බ්‍රහස්පතින්දා වාර්තාවු ඒකක 6.4ක ප්‍රබල භුකම්පනයෙන් පසු පසුකම්පන 1400ක් පමණ කැලිෆෝනියාවේ සිදුව ඇති බවටද භුවිද්‍යාඥයින් සදහන් කර සිටිනවා.
එමෙන්ම ඉදිරියේදි තවත් ප්‍රභල භුකම්පන සිදුවිය හැකි බවයි එරට ඇතැම් භුවිද්‍යාඥයින් මත පළකර සිටින්නේ.