Sunday, May 12, 2024

General line - 0115112241

මෙවර ලෝක කුසලානයේ වාර්තාවලින් ශ‍්‍රී ලංකා නාමය ගිලිහෙයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පිතිකරුවන් සහ පන්දු යවන්නන්ගේ දක්ෂතා ලැයිස්තුවේ පළමු ස්ථාන 10 අතරට පැමිණීමට කිසිඳු ශ‍්‍රී ලාංකික කී‍්‍රඩකයෙකුට නොහැකි වී තිබෙනවා. වැඩිම ලකුණු ලැබූවන්ගේ ලැයිස්තුවේ ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයෙකු සිටින්නේ 24වන ස්ථානයේයි.

තරග 07කදී ලකුණු 273ක් ලබා කුසල් ජනිත් පෙරේරා එම ස්ථානයේ පසුවනවා. මෙවර තරගාවලියේදී ලකුණු 158ට වැඩියෙන් ලැබූ කී‍්‍රඩකයින් 50දෙනා අතර ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් සිටින්නේ සිව්දෙනෙකු පමණක් වීම ද කැපී පෙනෙන සිද්ධියක්.

වැඩිම කඩුළු සංඛ්‍යාවක් බිඳ හෙලූ පන්දු යවන්නන් අතර පළමු ස්ථාන 11 තුළ කිසිඳු ශ‍්‍රී ලාංකික පන්දු යවන්නෙකු ඇතුළත්ව නැහැ. 12වන ස්ථානයේ පසුවන්නේ තරග 07කදී කඩුළු 13ක් බිඳ හෙලූ ලසිත් මාලිංගයි.

කෙසේවෙතත් ලෝක කුසලාන කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම කඩුළු සංඛ්‍යාවක් බිඳ හෙලූ 03වන කී‍්‍රඩකයා බවට පත්වීමට ලසිත් මාලිංග මෙහිදී සමත්වීම විශේෂත්වයක්. 

ඒ, තරග 29කදි කඩුළු 56ක් බිඳ හෙලමින්. 

මෙවර තරගාවලියේ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක්, ශතක සංඛ්‍යාවක්, වැඩිම නිලකුණු පන්දුවාර සංඛ්‍යාවක් හෝ ලකුණු ලබා ගැනීමට නොහැකි වන සේ වැඩිම පන්දු සංඛ්‍යාවක් යැවූ කී‍්‍රඩකයින් 10දෙනා අතරට ද කිසිඳු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙකු ඇතුළත්ව නැහැ.