ලෝක කුසලානයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව පවසනවා.
තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මේ බව ප‍්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීයි. ලෝක කුසලානයට සහභාගී වූ ශ‍්‍රී ලංකා පිල දිවයිනට පැමිණීමෙන් පසු පැවැත්වූ පළමු මාධ්‍ය හමුව ද මෙයයි.
මෙම මාධ්‍ය හමුවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ද එක්ව සිටියා.
ශ‍්‍රි ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානය අවසන් කළේ 06වන කණ්ඩායම ලෙසයි. මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (09) දිනයේ නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.