Sunday, May 12, 2024

General line - 0115112241

කි‍්‍රඩකයින් රැසකගේ පෞද්ගලික කළමනාකරු වූ අසංක එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙයි

කසුන් කැළුම්




තමන් විසින් යොවුන් කි‍්‍රකට් කී‍්‍රඩකයින් නොමග යවන බවට ඇතැමුන් සිදු කරන ප‍්‍රකාශ ප‍්‍රතික්‍ෂේප කරන බව කි‍්‍රඩකයින් රැසකගේ පෞද්ගලික කළමනාකරු ලෙස කටයුතු කරන අසංක විජේවර්ධන පවසනවා.

වර්තමානයේ දක්ෂතා අතර සිටින යොවුන් කි‍්‍රකට් කි‍්‍රඩක අවිශ්ක ප‍්‍රනාන්දුගේ පෞද්ගලික කළමනාකරු වන්නේද ඔහුයි. අසංක විජේවර්ධන කියා සිටියේ යොවුන් කි‍්‍රඩකයින් වැරදි මාර්ගවලට යොමුකිරීම තුළින් තමන්ට කිසිඳු වාසියක් අත් නොවන බවයි.

තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා පිළිබඳ එංගලන්තයේ සිට නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

යොවුන් කි‍්‍රඩක අවිශ්ක ප‍්‍රනාන්දුගේ වටිනාකම වර්තමානයේ වැඩිවීමත් සමග ඇතැම් පෞද්ගලික කළමනාකරුවන් ඔහු තමන්ගෙන් ඉවත් කර ගැනීමට මාන බලමින් සිටින බවයි අසංක විජේවර්ධන ප‍්‍රකාශ කළේ.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ තමන් අතර ව්‍යාපාරික ගනුදෙණුවක් ඇති බවට පළවන වාර්තාද අසත්‍ය බවයි ඔහු නෙත් ස්පේර්ට්ස්මන් වෙත වැඩිදුරටත් කියා සිටියේ