Monday, May 6, 2024

General line - 0115112241

ආරක්ෂාවට සහය දෙන්න යුරෝපා නියෝජිතයෙකු ශී‍්‍ර ලංකාවට

ඩිල්ෂාන් මඩවල




යුරෝපා සංගමයේ ප‍්‍රතිත‍්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජිල් කෙෂොර්ව් ශී‍්‍ර ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරයක් සදහා සූදානම් වනවා.

හෙට සිට ලබන 16 වනදා දක්වා මෙම සංචාරය සිදුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පවසන්නේ. ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින ආරක්ෂාව දැඩි කිරීම සදහා ගන්නා උත්සාහයන්ට සහය වීම මෙම සංචාරයේ අරමුණ බවද යුරෝපා සංගමය පවසනවා.

ශී‍්‍ර ලංකාවේදී රජය මෙන්ම විපක්ෂයේ නියෝජිතයන් සහ ආරක්ෂක ප‍්‍රධානින්ද සිවිල් කි‍්‍රයාකාරිකයන් ද හමුවීමටයි ජිල් කෙෂොර්ව් සැලසුම් කර ඇත්තේ.