Tuesday, May 7, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ තවමත් හෙළි නොවූ රහස් ගැන දයාසිරිගෙන් කාරක සභාවට ප‍්‍රකාශ

සජිත් තිලකරත්න/ඩිල්ෂාන් මඩවල




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තවමත් හෙළිකර නොගත් එහෙත් අවධානය යොමුවිය යුතු කරුණු ගණනාවක් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා. මන්තී‍්‍රවරයා ඒ බව පැවසුවේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද සාක්ෂි ලබා දෙමින්.
 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිටුපස සිටින්නේ අයි එස් සංවිධනයම යැයි තවමත් තමන්ට පිළිගත නොහැකි බවද දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා මෙහිදි කියා සිටියා.