Friday, May 17, 2024

General line - 0115112241

බදියුදීන්ලා තනතුරු භාර ගැනීමට යන්නේ දැන් ප්‍රශ්න අවසන් නිසාද ?

ඩිල්ෂාන් මඩවල/දිල්ෂාන් තුෂාර




මුස්ලිම් මහජන නියෝජිතයන් අත්හළ තනතුරු නැවත භාර ගැනීමට තීරණය කළේ එම තනතුරු අත්හරින අවස්ථාවේ ඔවුන් ඉදිරිපත් කළ කොන්දේසි දැන් ඉටුවී ඇති නිසාදැයි නෙත් නිවුස් විමසීමක් කළා. 

රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා ඇතුළු චෝදනාවට ලක්වූ කිහිපදෙනෙකු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට සහය වීමක් ලෙස තමන් තනතුරු අත්හරින බවයි ඔවුන් මුල් අවස්ථාවේදී කියා සිටියේ. කෙසේ වෙතත් අදාල ඇතැම් විමර්ශන තවමත් සිදුවන අතර  චෝදනාවට ලක්වූවන් සම්බන්ධයෙන් පැවැති සැක සංකා ද තවමත් දුරුවී නැහැ. 

අත්හළ තනතුරු නැවත භාර ගැනීමට මුස්ලිම් මහජන නියෝජිතයන් තීරණය කර ඇත්තේ ද එසේ තිබියදීයි. මීට ඊට ප‍්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී.

තනතුරු අත්හරින අවස්ථාවේදී මුස්ලිම් මහජන නියෝජිතයන් ප‍්‍රකාශ කළ තවත් කරුණක් වූයේ මුස්ලිම් වැසියන් පීඩාවට පත්වන බවයි. තනතුරු නැවත භාර ගැනීමට තීරණය කළේ දැන් එම පීඩා පහව ගොස් ඇති නිසාදැයි ද නෙත් නිවුස් මෙහිදි ප‍්‍රශ්න කළා.

මුස්ලිම් මහජන නියෝජිතයින් අමාත්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර සහ නියෝජ්‍ය අමාත්‍යධූර අත්හැරියේ ඉකුත් ජුනි මස 03වනදායි. කෙසේවෙතත්, තනතුරු අත්හරින ලද කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහජන නියෝජිතයින් ඉකුත් ජුනි 19වනදා යළි සිය අමාත්‍යධූරවල වැඩ භාර ගත්තා. ඒ, මහානායක හිමිවරුන් විසින් ඉකුත් ජුනි 11වනදා  කරන ලද ඉල්ලීමක් අනුවයි. ඊයේ පැවැති සාකච්ඡාවකදී තනතුරු යළි භාර ගැනීමට තනතුරු අත්හල සෙසු මුස්ලිම් මහජන නියෝජිතයින් ද තීරණය කළා.