Friday, May 17, 2024

General line - 0115112241

රිෂාඩ් බදියුදීන් නැවතත් අමාත්‍යධූරය භාර ගන්නවාට එජාප පසුපෙළින් විරෝධයක්

දිල්ෂාන් තුෂාර




අමාත්‍ය ධූරය අත්හල රිෂාඩ් බදියුදීන් වෙත නැවත අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන්ගෙන්ද විරෝධයක් පළ වනවා.  

මේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ.

රිෂාඞ් බදියුදීන් හැර අමාත්‍ය ධූර අත්හල සෙසු මන්තී‍්‍රවරුන්ට නැවත අමාත්‍ය ධූර ලබාදීමට තමන් විරුද්ධ නොවන  බවද හේෂා විතානගේ මන්තී‍්‍රවරයා මෙහිදි කියා සිටියා.

කෙසේ වෙතත් නෙත් නිවුස් කළ විමසීමේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී පැවසුවේ අමාත්‍ය ධූරය නැවත භාර ගැනීමට රිෂාඞ් බදියුදීන් ද අපේක්ෂාවෙන් සිටින බවයි. ඉදිරියේදී මේ පිළිබද ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡුා කරන බවද මන්තී‍්‍රවරයා පැවසුවා.