Friday, May 17, 2024

General line - 0115112241

"ලබා දුන් තොරතුරු පිළිබඳ අවදානයක් යොමු වී නෑ" ඇවන්ට්ගාර්ඩ් සභාපතිවරයා කියයි

හේමන්ත කහවලගේ




අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව වෙත තමන් ලබාදුන් ඇතැම් තොරතුරු සම්බන්ධයෙන් තවමත් ප‍්‍රමාණවත් අවධානයක් යොමුව නැතැයි ඇවන්ට්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති පවසනවා. 

රක්නා ලංකා මෙහෙයුම් තම ආයතනය වෙත භාර දීමට පෙර ආයතන 24ක් හරහා විදෙස් රටවලට ගෙන ගිය අවි 114 ක් අස්ථාගත වී ඇතැයි ද ඒවා ත‍්‍රස්තවාදීන්ගේ අතට පත්ව ඇතැයි සැකකරන බව තමන් අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව දැනුවත් කළ බවයි ඔහු පවසන්නේ. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැරිටයිම් ආයතනය ලිඛිතව දැනුවත් කළ ලිපියක් ද තමන් සතුව ඇතැයි මේජර් නිශ්ශංක සේනාධිපති පවසනවා.

අදාල ගිනිඅවි යොදා ගනිමින් ත‍්‍රස්තවාදීන් යම් දිනෙක කිසියම් අපරාධයක් සිදුකළහොත් එම ගිනි අවි ශී‍්‍ර ලංකාවේ නිකුත් කර ඇතැයි අණාවරණය වනු ඇතැයි ද එය ශී‍්‍ර ලංකාවට නරක තත්ත්වයක් බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.