Friday, May 17, 2024

General line - 0115112241

එජාපයට එරෙහිව සාමුහික සටනක් කළ යුතුයි

සමන්ත කුමාර/ නිශාන් ද සිල්වා




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අත්හැර දමා තනි ගමනක් යාමෙන් මතයක් නොමැති වුවද, විවිධ ප‍්‍රකාශ මගින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ බිය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පවසනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට තනිව ජනාධිපතිවරණය ජයගත නොහැකි බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා සිදුකළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා මේ බව කියාසිටියා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි.

මෙවැනි ප‍්‍රකාශවලින් සිදුවන්නේ ප‍්‍රතිවාදීන් ශක්තිමත්වීම බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා කියාසිටියේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය ශක්තිය පෙන්වා ඇති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා සදහන් කළා.