Friday, May 17, 2024

General line - 0115112241

"මම සම්බන්ධ නෑ" ආයුධ ජවාරම් චෝදනාවට ෆයිසර් පිළිතුරු දෙයි

හේමන්ත කහවලගේ/ සමන්ත කුමාර/ නිශාන් ද සිල්වා




තමන් කිසිවිටෙකත් අවි ගණුදෙණුවකට සම්බන්ධ වී නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆයිසර් මුස්තාෆා පවසනවා. 

අවි ආරක්‍ෂණ මෙහෙයුම්වලදී නීතිවිරෝධී ගණුදෙනු සිදුකළ බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති තමන්ට එල්ල කරන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බවයි මන්තී‍්‍රවරයා නෙත් නිවුස් වෙත කරුණු දක්වමින් කියාසිටියේ.

කෙසේවෙතත් ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පැවසුවේ අදාළ චෝදනා සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට තමන් සූදානම් බවයි. රක්නා ලංකා මෙහෙයුම් ඇවන්ගාඞ් ආයතනය වෙත භාරදීමට පෙර ආයතන 24 ක් අවි ගණුදෙනුවලට සම්බන්ධ වූ බවත් එම කාලසීමාවේදී ගිනිඅවි සියයකට වැඩි ප‍්‍රමාණයක් අස්ථානගත වූ බවත් නිශ්ශංක සේනාධිපති වැඩිදුරටත් පැවසුවා.