Monday, May 13, 2024

General line - 0115112241

ඩෙංගු රෝගින්ගේ වැඩිවීමක්

මහේෂ් චතුරංග




නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භවීමත් සමග දිවයිනේ දිස්ති‍්‍රක්ක ගණනාවක ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර පැවසුවේ මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් විසිහත් දහසක් පමණ වාර්තා වී ඇති බවයි.

පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් මහජනතාව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවද ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර පැවසුවා.