Monday, May 13, 2024

General line - 0115112241

අස්ගිරි මහා විහාරයෙන් උලමා සංවිධානයට අවවාද

සමන්ත කුමාර/ මහේෂ් චතුරංග




අදහස් ප‍්‍රකාශ කිරීමට වඩා ප‍්‍රායෝගිකව ගැටළු විසදා ගැනීමට කි‍්‍රයා කළ යුතු බව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය වෙත පෙන්වා දුන් බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. එම සංවිධානයේ නියෝජිතයන් අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නය සමග පැවති සාකච්ඡුාවේදී මේ බව ඔවුන්ට පැහැදිලි කළ බවයි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියාසිටියේ.

පොදු නීතියක අවශ්‍යතාව ඇතුළු කරුණු ගණනාවක් පිළිබදවද සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් වෙත පැහැදිලි කර දුන් බව ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් කියාසිටියා.

මෙම සාකච්ඡාවේදි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අස්ගිරි මහා නාහිමියන් වෙත ලිපියක් ඉදිරිපත් කර තිබුණා. සුහද සංවාද තුළින් අනේ‍යා්න්‍ය අවබෝධය වර්ධනය කර ගනිමින් බෞද්ධ, හින්දු කිතුණු හා මුස්ලිම් සියලූ දෙනා සමග ඉදිරි ගමනක් යාමට බැදී සිටින බවයි එහි දක්වා තිබුණේ.