Friday, May 17, 2024

General line - 0115112241

"එක තීන්දුවක් උඩ මුළු කාති උසාවියටම බැණලා හරියන්නේ නෑ" - මුජුබර්

කසුන් කැළුම් /ලහිරු කපුගේ




මුස්ලිම් ජන සමාජයේ ස්ථාපිත කර ඇති කාති උසාවි සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඒ, වැලිමඩ ප‍්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක් තමන්ට සිදුවූ අසාධාරණයකට කාති උසාවිය හරහා සාධාරණයක් ඉටු නොවූ බව අනාවරණ කිරීමත් සමගයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ කාති උසාවිවල විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලූ පවතින බවයි. 

එහිදී "මුස්ලිම් විවාහ නීතියේ පිරිමි පාර්ශ්වයට වැඩි වාසිදායක තත්ත්වයක් ඇති කරමින් තමයි ඒ නීතිය ඇතිවෙලා තියෙන්නේ." යනුවෙන් සඳහන් කළා.

වැලිමඩ ප‍්‍රදේශයේ මෙම මුස්ලිම් කාන්තාව, කාති උසාවිය සම්බන්ධයෙන් සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් ද නෙත් නිවුස් වෙත  අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ "මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාවට යම් අසාධාරණයක් සිදුව ඇත්නම් නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. මේ තීන්දුව මත මුළු කාති උසාවියටම බැණලා හරියන්නේ නෑ." යනුවෙනි.