Friday, May 17, 2024

General line - 0115112241

අපිරිසිදු ආකාරයෙන් අවන්හල් පවත්වාගෙන ගිය කොළඹ ක්‍රීඩා සමාජ 06කට වැඩ වරදී

හේමන්ත කහවලගේ / පවිත්‍රා මධුහර්ශනී




කොළඹ මහ නගර සභාවේ, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන ගිය කොළඹ පිහිටි ක්‍රීඩා සමාජ 06ක අවන්හලවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ, ආහාරවල සුරක්ෂිතතාවය පිළිබඳ රෙගුලාසි උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේයි.

මෙම වැටලීමේදී කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ 12ක අවන්හල් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එම ක්‍රීඩා සමාජ 12හේ පිහිටි අවන්හල්වලින්, අවන්හල් 02ක් පමණක් ප්‍රමිතීන්ට අනුව පවත්වා ගෙන ගොස් ඇති බවයි කොළඹ මහ නගර සභාවේ, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.