Sunday, May 12, 2024

General line - 0115112241

ඉන්දියානු මුහුදේ භුකම්පනයක්

දිනුක් හේවාවිතාරණ




ඉන්දියානු සාගරයේ වයඹ දිග ඔස්ට්‍රේලියානු වෙරළට ආසන්නව රිච්ටර් මාපකයේ ඒකක 6.6ක ප්‍රභලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ එම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි. ඒ හේතුවෙන් වෙරළ කළාපය ආශ්‍රිතව ජිවත් වෙන ජනතාවට කිසිදු බියක් ඇතිකර නොගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

ඒකක 6.6 ක ප්‍රභලත්වයෙන් යුත් භූකම්පනය වයඹ දිග ඕස්ට්‍රේලියාවට බලපෑ ප්‍රබලතම භූකම්පනය බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර සිටින්නේ. 

භූකම්පනය හේතුවෙන් ඇතිවූ කම්පනය දැනුණු බවට එරට ආපදා ඒකකය වෙත දුරකථන ඇමතුම් 800ක් පමණ ලැබී ඇති බවට ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර සිටියි.