Sunday, May 12, 2024

General line - 0115112241

ජාත්‍යන්තර මුස්ලිම් සම්මේලනය මෙවර ශ්‍රී ලංකාවේදී

ජේ ඒ එල් ජයසිංහ - මහනුවර




ජාත්‍යන්තර මුස්ලිම් සම්මේලනය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් පවසනවා. ඒ, මහනුවර දී අස්ගිරි මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේදීයි.

ආණ්ඩුකාරවරයා මහනුවරට පැමිණි ප්‍රධාන අරමුණ වූයේද ජාත්‍යන්තර මුස්ලිම් සම්මේලනය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමයි. ඔහු එහිදී කියා සිටියේ ජාත්‍යන්තර මුස්ලිම් සම්මේලනය මෙම මස අවසානයේදී කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.