Saturday, May 11, 2024

General line - 0115112241

විදුලි සැර වැදී නාවික භටයෙක් ජිවිතක්ෂයට

දිනසේන රතුගමගේ - වවුනියාව




යාපනය කන්කසන්තුරේ නාවික වරායේදී නාවික හමුදා භටයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා. නාවික හමුදා භටයා තමන් සේවයේ යෙදී සිටි ස්ථානයේ විදිලිය සැපයීමේ කටයුත්තක නිරතව සිටියදී මේ අනතුරට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

විදුලි සැර වැදීමෙන් පසුව නාවික හමුදා භටයාව කන්කසන්තුරේ නාවික හමුදා රෝහලට ඇතුළත් කොට අනතුරුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට තිබෙනවා. නාවික සෙබලා මියගොස් ඇත්තේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කලේ.

මෙසේ මියගොස් ඇත්තේ හොරණ කොස්වත්තේ පදිංචි වයස 28 හැවිරිදි  සාමල් හේමන්ත වෙත්තසිංහ නැමති නාවික හමුදා සෙබලෙකි.

මියගිය සෙබලාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්. ප්‍රේමකුමාර් මහතා විසින් සිදු කිරීමට නියමිතයි.