Sunday, May 12, 2024

General line - 0115112241

මිලියන 08ක විදෙස් මුදල් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




මාලිගාවත්ත පොලිස් මාර්ග බාධකයේ දී සැකසහිත වෑන් රථයක් පරීක්ෂා කිරිමේ දී රුපියල් ලක්ෂ 88 ක් පමණ වටිනා විදෙස් මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා පරස්පර ප්‍රකාශ සිදුකිරීම නිසා ඇතිවූ සැකය මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා මාලිගාවත්ත සහ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (14) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිසිය පැවසුවේ.