Saturday, May 11, 2024

General line - 0115112241

විශ්වාසභංගය දා අගමැති හමු වූ හේතුව මහින්ද හෙළිකරයි

සජිත් තිලකරත්න




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට බුද්ධි අංශ ප්‍රධානියා කැඳවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය විරෝධය පළ කරනවා. ඒ, විපක්ෂ නායක නිල නිවසේ පැවති හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් යළි ධුර භාරගැනීමේ සූදානම සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. 

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය සියලු සැලසුම් මේ වනවිටත් සකස් කර ඇති බවයි විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.