Sunday, May 12, 2024

General line - 0115112241

බැංකු ණය පොලිය සියයට 10ක් දක්වා අඩු කිරීමට සැලසුම්




මෙම මාසය අවසන් වනවිට බැංකු ණය පොලිය සියයට 12 සිට සියයට 10ක් දක්වා අඩු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සංචාරකයින්ගේ පැමිණීම ද ඉදිරියේදී වැඩිවනු ඇති බවයි. 

ඕනෑම අභියෝගයකට මුහුණදීමට ආණ්ඩුව සූදානම් බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය වෙනුවෙන් ත්‍රීකුණාමලය නගර සභා ක්‍රීඩාංගණයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.