Thursday, May 16, 2024

General line - 0115112241

ඉන්දියාව ශ්‍රී ලංකාව ගැන දැඩි විමසිල්ලෙන්

තරංග රුක්ෂාන්




සෝෆා ගිවිසුම පදනම් කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ මතුව ඇති විරෝධතා පිළිබඳ ඉන්දියාව දැඩි විමසිල්ලෙන් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එහි දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවේ තත්වය ඉන්දියාව විසින් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි. 

සෝෆා ගිවිසුම හරහා අමෙරිකානු හමුදා කඳවුරක් ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ සූදානමක් ඇති බවට විවිධ වාර්තා පළ වනවා. ඉන්දීය මාධ්‍ය පවසන්නේ එම කඳවුර ස්ථාපිත වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවට ආසන්න ප‍්‍රදේශයක බවයි. අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දක්වන ප‍්‍රතිචාරය පිළිබඳ ඉන්දියාව දැඩි විමසිල්ලෙන් සිටින බවද එරට මාධ්‍යයන්හි සඳහන්. 

කෙසේවෙතත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ අමෙරිකාව සමග ශ‍්‍රී ලංකාව කිසිඳු ගිවිසුමකට අත්සන් තබා නොමැති බවයි. ශ‍්‍රී ලංකාවේ එම ස්ථාවරය පිළිබඳ ඉන්දියාව ප‍්‍රසාදයෙන් පසුවන බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.