Thursday, May 16, 2024

General line - 0115112241

දුම්රියේ ගැටී පියා සහ දියණියක් මරුට

චන්දිම කරුණාරත්න




කොළඹ බලා ධාවනය වූ දුම්රියක යතුරුපැදියක් ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා සහ ඔහුගේ දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (15) අලුයම 6.45ට පමණ වේයන්ගොඩ වඳුරව දුම්රිය හරස් මාර්ගයේදී කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මෘත ශරීරයන් වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර වේයන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

දුම්රියක් නවතා තිබියදී දුම්රිය හරස් මාර්ගය හරහා මෙම පුද්ගලයා යතුරුපැදිය ඇතුළු කර ඇති අතර ඒ අවස්ථාවේදී පැමිණි වෙනත් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.