Thursday, May 16, 2024

General line - 0115112241

විල්පත්තු නඩුව කැඳවයි

අධිකරණ වාර්තාකරු




විල්පත්තු රක්ෂිතය අවට මරිච්චිකට්ටු සහ කල්ලරු රක්ෂිතවල කැලෑ එළිපෙහෙළි කිරීම් මේ වනවිට සිදුවේද නැද්ද යන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් විමසා බලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අභියාචනාධිකරණය අද (15) නීතිපතිවරයාට නියෝග කළා.

අභියාචනාධිකරණයේ විනිසුරු ජනක ද සිල්වා සහ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මෙම නියෝගය නිකුත් කළේ විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු වන බවට පවසමින් ගොනු කළ රිට් පෙත්සමට අදාළ නඩුව මෝෂමක් මගින් කැඳවු අවස්ථාවේදියි. 

මෙම වන විනාශය වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පෙත්සම්කරු අධිකරණයේ මෝෂමක් ගොනු කර තිබුණා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් මීට පෙර තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබුණත් එම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් තමා ඉවත් වන බව මහින්ද සමයවර්ධන දැනුම් දුන්නා.

ඒ අනුව මෙම පෙත්සම ජූලි මස 19 වැනිදා යළි සලකා බැලීමට කැඳවීමට නියමිතයි.

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කරන තිබෙනවා.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, රිෂාඩ් බදියුදීන්, තීතිපතිවරයා ඇතුළු නව දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර සිටිනවා.