Wednesday, May 15, 2024

General line - 0115112241

ජනපතිගේ ශෝක දින ප‍්‍රකාශයට එජාපයෙන් පිළිතුරක්

රවින්ද්‍ර චන්ද්‍රලාල්




පාලකයන් සිදු කළ යුත්තේ වැරදි සිදු කරන තෙක් බලා සිට දඬුවම් දීම නොව වැරදි කිරීමෙන් පුද්ගලයන් මුදා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසනවා.

මරණ දඬුවම අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන බවට ජනාධිපතිවරයා සිදු කළ ප‍්‍රකාශයට ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී "මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ශෝක දිනයක් වෙනවා නම් ශෝක දිනයක් හැටියට සුදු කොඩි එසවිය යුතුතේ වැරදිකරුවන් වෙනුවෙන් නෙමෙයි වැරැද්ද වෙනුවෙන්." යනුවෙන් සඳහන් කළා.  

මරණ දඬුවම ක‍්‍රියාත්මක කළහොත් ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් හිමිවන සහය ද අහිමි වනු ඇති බවයි ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ.