Wednesday, May 15, 2024

General line - 0115112241

අද සිට දින 02ක තැපැල් වර්ජනයක්

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




අද පස්වරු 04.00 සිට දින 02ක වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ මූලික ඉල්ලීම් 03ක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි. 

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙම දින දෙකක සංඛේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවත් සිය මූලික ඉල්ලීම් 03 ක් ඊට හේතුව බවත් සඳහන් කළා. 

ඉදිරිපත් කර තිබෙන අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය ලබා ගැනීමත්, සේවක අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීම, මහජන සේවා සැපයීමට ගැලපෙන පරිදි සංවර්ධන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම යන ඉල්ලීම් ඒ අතර වනවා.