Friday, May 17, 2024

General line - 0115112241

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්




දිවයින හරහා සහ දිවයිනට වයඹ, බටහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යාමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු මැද යන පළාත්වලත්, ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේත් පැයට කිලෝ මීටර් 80ක පමණ තද සුළං ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවලට ද පැයට කිලෝ මීටර් 60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම තත්ත්වය හෙට පස්වරු 03 දක්වා බලපැවැත්වෙනු ඇති. 

එමෙන්ම, මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 90ක් දක්වා වැඩිවිය හැකියි. මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද, ප්‍රකාශ කෙරුණා. අදාළ මුහුදු ප්‍රදේශය තුළ ලබන 21 වනදා උදෑසන තෙක් ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට අවවාද කර තිබෙනවා. නාවික ප්‍රජාව ද මේ පිලිබද ඉතා අවදානයෙන් කටයුතු කරන ලෙයසි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.