Friday, May 17, 2024

General line - 0115112241

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇත්තේ සීමිත ඉඩක් : මැ.කො කියයි




ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා තවත් සීමිත අවස්ථාවක් පමණක් ඉතිරි වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ තීන්දුව හෙට දිනය වනවිට හෝ ලැබුණහොත් මැතිවරණ කොමිසම වැඩ ආරම්භ කිරීමට සූදානමින් සිටින බවයි. 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මෙම අදහස් පළ කළේ නෙත් ගොසිප් වෙබ් අඩවියේ “නුවන්ස් අවර්ස්” වැඩසටහනට එක්වෙමින්.