Friday, May 17, 2024

General line - 0115112241

භූ කම්පනයකින් ග්‍රීසියේ අගනුවර සෙලවෙයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ග්‍රීසියේ ඇතන්ස් අගනුවරට ප්‍රභල භූ චලනයකින් බලපෑම් එල්ල වුණා. විදෙස් වාර්තා පවසන්නේ භූ කම්පනයේ අගය මැග්නිටියුඞ් ඒකක 5 යි දශම 1 ක් ලෙස වාර්තා වන බවයි. කම්පනය හමුවේ අගනුවර ගොඩනැගිලි රැසක් සෙලවීමට ලක්වූ බව ද සඳහන්. මෙම කම්පන ස්වභාවය හේතුවෙන් ඇතැන්ස් වැසියන් ගොඩනැගිලි වලින් පිටතට පැමිණ ආරක්ෂිත ස්ථාන කරා යොමුව තිබෙනවා. 

ප්‍රධාන කම්පන තත්ත්වයෙන් අනතුරුව අගනුවර ආශ්‍රිතව පසු කම්පන කිහිපයක් ද සිදුව තිබෙනවා. අගනුවර ප්‍රදේශ රැසක විදුලි බල සැපයුම හා සන්නිවේදන කටයුතුවලට ද බාධා එල්ල වී ඇතැයි සඳහන්. කෙසේවෙතත්, අගනුවර පිහිටි ගොඩනැගිලි භූ කම්පන සඳහා ඔරොත්තු දෙන පරිදි ඉදිකර ඇති බැවින් සන්සුන්ව සිටින ලෙසයි බලධාරීන් ඇතන්ස් වැසියන් වෙත දැනුම් දී ඇත්තේ.