Friday, May 17, 2024

General line - 0115112241

මෙරටට ගෙන්වූ එංගලන්තයේ අපද්‍රව්‍ය යළි එරටටම යැවීමට නියෝග

තරංග රුක්ෂාන් ජයසේකර




මෙරටට ගෙන්වන ලද රෝහල් අපද්‍රව්‍ය තොගය යළි සිය වියදමෙන් එංගලන්තය වෙත යැවීමට කඩිනමින් පියවර ගන්නැයි අදාළ සමාගමට මධ්‍යම පරිසර අධිකාරිය නියෝග කර තිබෙනවා. එහි දැක්වෙන්නේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ ද, ගොඩගසා ඇති අපද්‍රව්‍ය තොගය කිසිඳු පසු සැකසීමකින් තොරව ආපසු හරවා යවන ලෙසටයි.

කටුනායක අපනයන සැකසුම් කලාපයේ කලාප අංක 04 තුළ ඇති අදාළ සමාගම මේවනවිට අඩි 40 බැගින් යුත් අපද්‍රව්‍ය අඩංගු බහාලුම් 130 ක් අවස්ථා 12 කදී මෙරටට ගෙන්වා ඇතැයි සඳහන්. එහි ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 27,685ක්. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේ ද විවිධ අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය. 

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මානන්ප්පෙරුම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.