Friday, May 17, 2024

General line - 0115112241

කලගෙඩිහේනේදි චන්ඩි පාට් දැමු දෙදෙනෙක් ඩිෆෙන්ඩර් රියත් සමග අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහර දීමට සම්බන්ධ වූ පිරිසගෙන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාෂයට භාරවිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වන මතුගම පදිංචි හේවගේ ගාමිණි විජේසූරිය හා එම ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් වන පොලොන්නරුව අරලගන්විල පදිංචි සුසන්ත බණ්ඩාර නැමැත්තාගෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාෂය ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර සිදුවිමට අදාල ඩිෆෙන්ඩර් රථය මහරගම, ඇල්හේන පාරේ නිවසක නතර කර තිබියදී මහරගම පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඉකුත් 16 වැනිදා මෙම පහරදීම සිදුකළ අවස්ථාවේදී එහි රියදුරු පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා පැමිණිල්ලක් කර තිබූ අතර ඊයේ (18) දින ගාල්ල පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබුනා.