Friday, May 17, 2024

General line - 0115112241

කිරි ආනයනය අසාමාන්‍ය ලෙස ඉහළට




මෙරට දේශීය කිරි නිෂ්පාදනය ඉහළ ගොස් තිබියදීත්, මෙරටට කිරිපිටි ආනයනය කිරීම ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. 

දේශීය කිරි නිෂ්පාදනය කිරි ලීටර් මිලියන 471 ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක මෙරටට විදේශීය කිරිපිටි මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කර ඇති බවයි පැවසෙන්නේ. මෙම තත්ත්වයට නිශ්චිත හේතුවක් ද මෙතෙක් අනාවරණ වී නොමැති බව කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ ප‍්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ පාසල් දරුවන් සඳහා කිරි පැකට්ටුවක් නොමිලේ ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මෙම අවස්ථාවට ජනාධිපති උපදේශක නීතීඥ ශිරාල් ලක්තිලක ද එක්ව සිටියා.

පාසල් දරුවන් සඳහා කිරි පැකට්ටුවක් නොමිලේ ලබා දීමේ වැඩසටහන ලබන සතියේ සිට ආරම්භ කෙරෙනවා.