Friday, May 17, 2024

General line - 0115112241

අනතුරට ලක්වූ නෞකාවේ තෙල් තොග ඉවත් කිරීම ඇරඹේ

මහේෂ් චතුරංග




රූමස්සල කඳු වැටිය අසල මුහුදු ප‍්‍රදේශයේදී අනතුරට ලක් වූ වෙළද භාණ්ඩ නෞකාවේ තිබෙන තෙල් තොග ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. 

එම කටයුතු පිළිබදව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා මෙලෙස අදහස් පළා.

තෙල් තොග ඉවත් කර ගැනීමෙන් පසු එම නෞකාවද රූමස්සල කඳු වැටිය ආශි‍්‍රත මුහුදු ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.